C Programming  lesson series එකේ 09 වෙනි කොටසට ඔයා ආදරයෙන් පිළිගන්නවා💓. මේකෙදි අපි කතා කරන්නේ අපි ඒ වෙද්දි කරගෙන යන   control structure ගැන.

     අපි මේ වෙද්දි කරගෙන යන control structure - repetition structures වල repetition structures ගැන. පසුගිය lesson එකෙන් අපි කතා කලා while loop එක ගැන. ඉතින් අද කතා කරමු For Loop එක සහ Do While Loop එක ගැන. 

මුලින්ම අපි For loop එක බලමු.😊

                                                        For Loop

              for (initialization ; test- condition ; increment / decrement)

                      {

                      body of the loop

                                }

ඔය විදියට තමයි syntax එක.👆

💢 අපි බලමු මේ loop එකක් කියන්නේ මොකක්ද කියල. 

            එකම code එකක් නැවත නැවත run  කරන්න ඕනෙ නම් ඒකට තමයි අපි loop  එකක්  බාවිතා කරන්නේ.


💢ඔබට මේ පෙන්නල තියෙන්නේ සරල code එකක්.
 
      මේ code එක ගැන පැහැදිලි කලොත් ප්‍රදාන structure  එක හදා ගත්තට පස්සෙ අපි int කියන  type එකේ  counter කියන  variable  එකක්  declare කර ගන්නවා. ඊට පස්සෙ අපි for loop එක ඇතුලේ කොටස් 03ක් විදියට code එක type කරගන්න්වා. For loop  එකේ පලවෙනි  කොටස විදියට counter කියන variable එක සමාන කරල තියෙනව 1ට.එතකොට මේකෙන් කියන්නේ counter කියන variable එකේ value එක 1යි කියල. ඊට පස්සේ අපි යනවා දෙවැනි කොටසට. එතනදි කියන්නේ counter අගය 10ට කුඩා හෝ සමාන ද කියල check  කරල බලන්න් කියල. දැන් අපි දන්නවා counter අගය 1යි කියල. ඉතින් counter අගය 10ට වඩා කුඩා හෝ සමානද කියල තමයි මේ condition එකෙන් බලන්නේ. එතකොට counter අගය 1 වෙනකොට ඒක 10ට වඩා කුඩා වෙන නිසා මේ condition එක true වෙනවා. මේ  condition එක true වුනොත් මේක යනවා loop body එකේ එකට. එතනදි body එක ඇතුලේ කරන්න කියල තියෙන්නෙ Hello world කියල type කරන්න. එතකොට ඒක type වෙනවා. 

ඊට පස්සෙ අපි යන්නේ 03 වෙනි කොටසට ඒ කියනේ 1ට එකක් එකතු කරන්න කියල තමයි 3 වෙනි කොටසින් කියන්නේ. counter කියන variable එකට 1ක් එකතු වුනාම counter අගය එකකින් වැඩි වෙලා අගය 2ක් වෙනවා. දැන් ආයෙම 3 වෙනි කොටසින් 2 වෙනි කොටසට යනවා. එතනින් ආයෙම  check කරනවා condition එක true ද false ද කියල.  condition  එක  true වුනොත් ආයෙම කලින් වගේම ව් එකේ තියෙන එක ව් එනවා. මේ විදියට අපි දිගටම මේ පිලිවෙලට වෙනවා. ඉතින් මේ විදියටම condition එක false වෙනකන්  check  කරනවා. අවසාන වශයෙන් ව් අගය 10 වුනාම ඒකට 1ක් එකතු කරල condition එක  check කලාම ඒක false වෙනවා. false වුන ගමන් For loop එක අවසන් වෙලා For loop එකෙන් එලියට එනවා. ඒ කියන්නේ For loop එක එතනින් අවසන් වෙනවා. 

දැන් මේක run  වුනාම අපිට output එක ඉදියට Hello World  කියල 10 වතාවක් type වෙලා තියෙනවා තියෙනවා බලාගන්න පුලුවන් . 

                                                                                                                                                                                                                                            
දැන් අපි බලමු Do While Loop එක ගැන.😊 
                                                       

Do While Loop

                                      do {

                                             simple or compound statement
                                     }
                                     while (condition);


ඔය විදියට තමයි syntax එක.👆

මේකෙදි අපි ප්‍රදාන structure එක හදා ගත්තට පස්සෙ int counter කියල  variable එකක් හදා ගෙන ඒකට value 0 කියල දා ගන්නවා. 

ඊට පස්සෙ අපි ඉසෙල්ලම keyword එක විදියට do කියල දීලා සගල වරහන් ඇතුලේ body එක හදාගන්නවා. මේ  body  එකෙන් තමයි do while loop එකෙන් එන්නෙ මොනවද කියල පෙන්වන්නෙ. 

මුලන් ම අපි do කියන එක ඇතුලාට එනවා. මේකෙන් කියන්නෙ output එක දෙන්න කියල counter එකේ තියෙන value එකට. ඒ කියන්නෙ counter එකේ value එක 0යි. ඊට පස්සෙ කියනවා ඒ value එකට 1ක් එකතු කරන්න කියල. උත්තරය 1 වෙනවා. 

ඊට පස්සේ while  එකෙන් check කරලා බලනවා condition එක. counter දැන් 1යි. අපි බලනවා ඒ 1 ක 5ට වඩා කුඩයි ද කියල. එක 5ට කුඩයි නම් ඒ  condition එක true නිසා ආයිම do එක ඇතුල්ට ගිහින් කලින් අගේම කරනවා. 

මේ විදියට  condition එක  false වෙනකන් මේ විදියටම වෙනවා. condition  එක  false  වෙන්නේ counter අගය 5 වුනාම ඒ 5ට 1ක් එකතු කරල  condition  එක  check  කලාම ඒක  false   වෙනවා.  false   වුනාම loop එක වසන් වෙලා loop එකෙන් එලියට එනවා. ඒ කියන්නේ do while loop එක එතනින් අවසන් වෙනවා. 


දැන් මේක run  වුනාම අපිට output එක ඉදියට Hello World  කියල 4 වතාවක් type වෙලා තියෙනවා බලාගන්න පුලුවන් .  
ඉතින් ඔන්න ඔය විදියට තමයි do while loop එක ක්‍රියාතමක වෙන්නෙ.


තවත් දවසක ඔයාලට වැදගත් දෙයක් අරන් එන්නම්.😍💗