අන්තර්ජාල භාවිතය සඳහා මිලදී ගනු ලබන ඉන්ටර්නෙට් ඩොන්ගල් වල අන්තර්ජාල සේවාව සපයන සමාගම මගින් එම සමාගමෙන් sim card එක පමණක් අදාල ඩොංගල් එකට සහාය දක්වන ආකාරයෙන් ලොක් කර බොහෝ විට ඉදිරිපත් කර ඇත. එනම් උදාහරණයක් ලෙස ඩයලොග් සමග ලැබෙන ඩොංගල් එක භාවිතා කළ හැකි වන්නේ dialog sim card පමණි.මෙවැනි ඩොංගල් එකට ඕනෑම sim එකක් සහය දක්වන ආකාරයට unlock කරගන්නා ආකාරය තමා මම ඔයාට අද කියලා දෙන්න යන්නේ.


එහෙනම් ඔන්න ඔන්න වැඩේට බහිමු,

මුලින්ම ඔයලා කරන්න ඕනේ මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් ඩොන්ගල් අන්ලොක් කිරිම සඳහා භාවිතා කරන unlocking tool එක download කරගන්න.
huwawei tool v2.4.3


ඉන්පසුව tool software එකට ඩොංගල් එක අන්ලොක් කිරීම සඳහා අවශ්‍ය වන IMEI number එක ඇතුලත් කරන්න. එය ඔබගේ dongle එකේ පිටුපස මුද්‍රණය කර ඇත.

Mobile partner තුලින්  IMEI දර්ශනය කර ගැනිම සදහා Tools>Diagnostic click කරන්න.

දැන් unlock කිරීමෙන් එකවර ඩොංගල් එක unlock කිරීම හෝ unlock code එක තිරය තුළ දර්ශනය වන ආකාරය ඔබට දැකිය හැකිය.


unlock code එක දිස්වුවත් ඔබගේ dongle එකට අදාල සමාගම නැතුව වෙනත් සමාගමක sim card එකක් පාවිච්චි dongle එකේ app එක open කරගන්න එතකොට ඔබට unlock code එක ටයිප් කියලා එනවා ඒක ටයිප් කරාම ඔයාගේ ඩොන්ගල් එක අන්ලොක් වෙනවා.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි . ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

එහෙනම් අලුත් පෝස්ට් එකෙන් ඉක්මනින් නැවත හමුවෙමු.