අද මං කියලා දෙන්න යන්නේ OLLYDBG software එක පාවිච්චි කරලා කොහොමද software එක්ක serial එක හැක් කරන්නේ කියලා.

දැන් සමහර අය serial එක කියන්න මොකක්ද කියලා නොදැනෙන්න පුළුවන්. Serial එක කියන්නේ දැන් ඔයා app එකක් පාවිච්චි කරද්දී බොහෝ විට එය දවස් 14 කින් පසු app එක සල්ලි දීල මිලදී ගන්න කියලා මැසේජ් එකක් එනවා (ඒ කියන්නේ trile version එක) එ දින 14 ගෙව්වට පස්සෙ ඔයාලට එනවා key එකක් එන්ටර් කරන්න කියලා අන්න ඒක තමයි serial එක කියන්නේ . අද මං ඔයාලට කියල දෙන්නේ අන්න ඒ key එක hack කරලා වෙනදා වගේ ඇප් එක පාවිච්චි කරන්න පුලුවන් විදියට හදාගන්න එක ගැන .

එහෙනම් පහත සඳහන් පියවර අනුගමනය කරන්න.

මුලින්ම පහල සඳහා ලින්ක් එකෙන් ගිහින් OLLYDBG software එක download කර‍‍‍ග‍ෙන install කරගන්න.

http://www.ollydbg.de/download.htm

ඉන්පසුව OLLYDBG app එක open කරගන්න කරන්න

දැන් ඔබට hack කිරීමට අවශ්‍ය මෘදුකාංගය OLLYDBG තුළින් open කරගන්න

දැන් [Run] button එක මත එක් වරක් ක්ලික් කරන්න



දැන් ඔබට ලැබී ඇති [source code] window එකේ ඉහළ කොටස මත [right click] කර ලැබෙන මෙනුවෙන් [Search for]>[ All Reference Text] click කරන්න

එවිට ඔබට ලැබෙන අලුත් window එකේ text string කොලම් එක තුළින් serial එක වැරදි යනුවෙන් දර්ශනය වන මැසේජ් එක සොයා ඒ මත එක් වරක් click කර select කරගන්න

Ex:-incorrect serial number, invalid serial number

මෙහි සඳහන් නොකළ message එකක් එන්න පුලුවන්. ඒ මැසේජ් එක ඔයා බලා ගැනීම සඳහා ඔයාගේ hack කරන්න ඇප් එක පාරක් open කළ බලන්න

දැන් ඔබ සිලෙක්ට් කරගත් error message එක මත double click කරන්න එවිට ලැබෙන window එකේ හතරවෙනි කොලම් එක තුලින් අගට ._vbaStrCmp සඳහන් system file name එක සොයා select කරගන්න

දැන් keyboard එකේ [F2] ප්‍රෙස් කර break point එකක් add කරන්න එවිට එය රතු පැහැයෙන් දර්ශනය වේ.

දැන් [Run] Button එක මත දෙවරක් හෝ තුන් වරක් ක්ලික් කරන්න.

එවිට ඔබට hack කිරීමට අවශ්‍ය මෘදුකාංගය open වෙන අතර එහි serial number වෙනුවට වැරදි අංක කීපයක් ඇතුළත් කර register(active,OK) යනුවෙන් ඇති button එක මත ක්ලික් කරන්න. එවිට එම සීරියල් එක වැරදි යනුවෙන් පණිවිඩයක් දිස් නොවන අතර. දැන් ඔබ taskbar තුළින් OLLYDBG මෘදුකාංගයෙ click කර open කරගන්න.

දැන් ඔබට වැරදි සීරියල් එක සමග නිවැරදි සීරියල් එක සංසන්දන කරන ආකාරය දකුණු පස පහල කෙළවලින් දැකගත හැකිය.

ඒ තුළින් පෙන්වන නිවැරදි සීරියල් එක ලියාගෙන එය භාවිතයෙන් නොමිලේම ඔබේ software එක භාවිතා කළ හැකිය.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි ඔයාලත් try කරල බලන්න. මොන හරි ප්‍රශ්න තිබ්බත් පහල comment section එකෙන් දාන්න. එහෙනම් අලුත් පෝස්ට් එකෙන් හෙට හමුවෙමු.

හැමෝටම ජය😉