හොදයි යාලුවනේ මන් හිතනවා පහුගිය පාඩමුත් එක්ක කට්ටියටම දැන් c programming ගැන දැනුමක් ලැබෙනවා ඇති කියල 
හොදයි දැන් කට්ටියටම variable assign කරන්න ගණන් හදන්න සාමාන්‍ය සුළු කිරීම් කරන්න දැනුමක් ඇති කියල හිතනවා අද අපි කතාකරන්න යන පාඩම තමා if else 
මේකෙන් කියවෙන්නේ යම්කිසි තේරීමක් කලොත් මේ දේ කරන්න කියන්න අදහස උදාහරණයක් විදිහට කියුවොත් අපි ATM එකකට ගියාම සල්ලි ගන්න 1 ඔබන්න සල්ලි තැන්පත් කරන්න 2 අන්න ඒ වගේ එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති අපි ටිකින් ටික අපිටම ගැලපෙන සරල system හදන්න යන්නේ කියල 
හොදයි දැන් අපි කතා කරමු IF Else ගැන 
අපි program එකක if else එකක් ලියන්නේ මේ විදියට 
if(this condition is true)
{
do this
}
else
{
do this
}


මේකෙන් කියවෙන්නේ මේ condition එක හරිනම් මේ දේ කරන්න එහෙම නැත්නම් මේ දේ කරන්න කියන එක මෙතනදී අප () දන්නේ අපි සලකල බලන condition එක {} දන්නේ condition  හරිනම් ඒ {} ඇතුලේ ලියල තියන් දේ කරන්න කියන එක else කියන්නේ () ඇතුලේ තියන condition false නම් else එකට අදාල {} තියෙන දේ කරන්න කියන එක 
දැන් ඔයාල හිතනව ඇති මේ වරහන් ඇතුලේ දන්නේ මොන්වධ කියල අන්න ඒ දේවල් තම මන කලින් පාඩමේ කියල දුන්නේ 
ඔන්න ඔය දේවල් තම අපි වරහන් ඇතුලේ දල සත්‍ය අසත්‍ය බව බලන්නේ



මේකෙන් සිද්ධ වෙන්නේ a සහ b කියල intiger type variable 2ක් හධාගෙන එකට අදාල වටිනාකම් user ගෙන් ඉල්ලගෙන තියනව scanf එකෙන් කරන්නේ ඒ දේ ඔයාලට මතක ඇති ඉතින් user a සහ b වලට අගයන් දුන්නට පස්සේ if එකෙන් check  කරනවා a අගය b ට වඩ  වැඩිද කියල වැඩිනම් a is higher කියල print වෙනවා a අගය අඩුනම් b ට වඩා else යටතේ b is higher කියල ප්‍රින්ට් වෙනවා 
ඉතින් ඔය විධිහට තම if else අපේ program එකක වැඩ කරන්නේ ඉතින් ඔයාලගේ උනන්දුව මත තව if else program ලියල දැනුම වැඩි කරගන්න පුළුවන් 

ඉතින් ඔයාල ලියන්න ප්‍රෝග්‍රෑම් එකක් ළමයෙක් ලකුණු 50ක් ගත්තොත් pass නැත්නම් fail කියල ප්‍රෝග්‍රෑම් එකක් ලියල එවන්න 

තවත් පාඩමකින් ආයෙම  හම්බෙමු