අලුත් පාඩමකින් අපේ යාළුවො ඔක්කොම පිළිගන්නව මන් හිතනවා පරණ පාඩම් අමතක නැතුව ඇති කියල Exam එක්ක තිබුණු වැඩ නිසා පාඩම් දාන්න බැරි උනා හොදයි දැන් අපි කෙලින්ම අපේ  පාඩමට යමු

අද අපේ පාඩම තමා operators 
Operators කියලා කියන්නේ සරලවම යම්කිසි නිශ්චිත ප්‍රතිපලයක් ලබා දීම සදහා යම් කිසි අගයන් මත සිදු කරනු ලබන ක්‍රියාවන් වලට
මුලික වශයෙන් operators වර්ග 4 තියනවා

  • Arithmetic operators
  • Assignment operators 
  • Relational operators 
  • Logical operators 
  • Increment and decrement operators
දැන් අපි මේ එකින් එක කතා කරමු

  1. arithmetic operators 
Arithmetic Operators කියන්නේ සරලවම අංක ගණිතමය ක්‍රියාකාරකම් වලට
% කියන්නේ යම්කිසි අගයක් බෙදීමෙන් පසු ඉතිරිය කියන එක
මතක තිය ගත යුතු ප්‍රධානම දේ තමා මේ operators භාවිත කරයුතු පිළිවලක් තියනව ඒ තමයි BODMAS වගේ ක්‍රමයක්
මුලින්ම () ඊළගට * /   % ඊලට + - සහ අන්තිමට =

           2. Assignment operators 
මේ operator එකෙන් කියවෙන්නේ යම් විච්ල්යකට යම් අගයක් ආදේශ කිරිඉම සරලවම කියුවොත් සමාන කිරීම 

int n ; (variable )
n = 10 (assign කිරීම )

        3. Relational Operator 
මේ operator එක භාවිත කරන්නේ යම් ප්‍රකාශනයන් සංසන්දනය කරන්න 
අපි මේ operators භාවිත කරන්නේ වමේ සිට දකුණට 

< කුඩයි නම් 
> විශාලයි නම් 
<= කුඩයි හෝ සමානයි නම් 
>=විශාලයි හෝ සමානයි නම් 
== සමානයි නම් 
!= අසමනයි නම් 

      4.Logical Operators
මේ operator එක අපි භාවිත කරන්නේ අපි උඩ කතා කරපු relational expression දෙකක් එකිනෙකට සම්බන්ධ කරන්න 
&& And logic එකේ expression දෙකම නිවර්දිනම් ඒ ප්‍රකාශනය සත්‍ය (1) වෙනවා 
expression එකක් හෝ වැරදිනම් ප්‍රකාශනය අසත්‍ය(0) වෙනවා 
|| or logic එකේදී expression දෙකම වැරදි නම් පමණක් සම්පුර්ණ expression එක අසත්‍ය වෙනවා 
!ප්‍රකාශනයේ සත්‍ය අසත්‍ය භාව මාරු කරනව  

    5. Incrment and Decrement Operator 
මේ operator එක ගැන ගොඩක් අපි loops ගැන කතා කරද්දී කියල දෙන්නම් 
අපි මේක භාවිත කරන්නේ 
++<variable name >      --<variable name >(prifix)
<variable name >++       <variable name>--(postfix)
++ මගින් දැනට තියන අගයට 1ක් එකතු වෙනවා -- වලින් දැනට තියෙන අගයෙන් 1 අඩු වෙන එක 

අදට පාඩම මෙතනින් ඉවර වෙනවා අපි තව පාඩමකින් පස්සේ program හදන්න පටන් ගන්නව ඒ නිසා අපි එක්ක රැදිලා ඉන්න 
අද ඉදන් හැමදාම පාඩම් එකතු කරනවා