හොදයි මන් හිතනවා ඔයාලට පහුගිය පාඩම් වල ගැටළුවක් නැතුව ඇති කියල ඉතින් අද අපි කතාකරන්නේ variables ගැන මේ basic theory ඉගෙන ගත්තම අපිට පුළුවන් අපි කැමති විදිහේ software හදන්න මුලින්ම මී තියරි අපි ඔලුවට ද ගෙන ඉමු 

  • variables යනු කුමක්ද 
varable එකක් කියන්නේ අපි හදන program එකකට අදාල යම් කිසි අගයක් ගබඩා කරගන්න ස්ථානයට ඒ වගේ ම තම අපි variable එකකට අගයක් දෙන්න කලින් අපි variable එක declare කරගන්න ඕන

  • variable declration යනු කුමක්ද 
program එකට අදාල වටිනාකම ස්ථාපනය කරගන්න අපි මතකයේ ස්ථානයක් හද ගැනීම තම variable declration කියන්නේ 

variable එකක් declare කරන්නේ අපි මෙන්න මේ විදිහට 
                            <data type > <name of the variable >
උදාහරණ 
  1. int quantity 
  2. float price 
  3. double number 
  4. char letter 
  • හොදයි දැන් අපි බලමු මොකක්ද  මේ මුලින්ම ලියන data type කියන්නේ මොකක්ද කියල 

දැන් අපි බලමු මොනවද මේ දත්ත වර්ග (data types ) ගැන 
  • primitive data 
primitive data කියන්නේ අපිට c භාෂාව තුලින් ලබා දී තිබෙන data type වලට  
  • integer 
  • float 
  • character 
  • void 
Integer data type 

int  data අපි භාවිත කරන්නේ දශම අගයක් නොමැති සංක්‍ය තැන්පත් කරගන්න variable declare කරනකොට 
                                     
int variable_name =6;
int num =6;
අපිට මේ variable name කියන තැනට කැමති නමක් දන්නා පුළුවන් 

float data type 

float data අපි භාවිත කරන්නේ දශම සංක්‍ය සහිත අගයන් තැන්පත් කරගන්න variable declare කරන්න 

float num =5.6;

char data type 

chracter data අපි භාවිත කරන්නේ අකුරක් symbol එකක් වගේ store කාරන්න 

  • variable එකක් නම් කරද්දී පිළිපැදිය යුතු නිති 
  1. නම පටන් ගත යුත්තේ අකුරකින් 
  2. අකුරකින් පටන් ගත්තට පස්සේ අපිඅ අවශ්‍ය නම් අංක _(underscore ) දන්නා පුළුවන් 
  3. අකුරු අතර ඉඩ space තියන්න බැහැ 
  4. underscore අර වෙනත් කිසිම symbol එකක් භාවිත කරන්න බැ 
  5. primitive data type වල නම් ඒ කියන්නේ int float වගේ data type යේම නම විදිහට ලියන්න බැහැ 

අවසන් වශයෙන් මෙන්න මේ විදිහට තම variable declare කරන්නේ 







හොදයි මන් හිතනවා ඔයලට variable ගැන හොද අදහසක් එන්න ඇති කියල මේ පාඩම ගොඩාක් වැදගත් පාඩමක් හොදට අධ්‍යනය කරන්න අපි ඉක්මනටම programs ලියන්න පටන් ගන්නවා එහෙනම් ඊලග ක්ප්ටසින් ඉක්මනට මුණ ගැහෙමු