මන් මුලින්ම ඔයාලගෙන් සමව ඉල්ලනවා ඊයේ lesson එකක් දන්නා බැරිවීම ගැන ගෙවල් ලගම අවමගුල් උත්සවයකට සහභාගී වීම නිසා හරි අපි අද සම්පුර්ණයෙන්ම algorithm කොටස කතා කරමු 
programming වලදී algorithm  කියන්නේ අත්‍යවශ්‍ය කොටසක් මොකද අපි යම් තේරීමක් කරද්දී යම් ගැටළුවක් විසදද්දී අපි ක්‍රියාත්මක වෙන්නේ මේ algoritham එකක් විදිහට තමා 
  • මුලින්ම බලමු algorithm කියන්නේ මොකක්ද කියල
ඕනෑම පරිගණක ගැටලුවකට විසදුම සෙවීම සදහා අප නිශ්චිත අනුපිලිවලක් භාවිත කරනවා එම ගැටළු විසදීමේදී
  1. ක්‍රියාත්මක කල යුතු ක්‍රියාමාර්ග 
  2. එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කල යුතු පිලිවල 
algorithm ලෙස හදුන්වනවා .

Algorithm අපි ආකර දෙකකට පෙන්නුම් කරනවා 
  • pseudo codes 
  • flowcharts 
දැන් අපි බලමු pseudo code එකක් කියන්නේ මොකක්ද කියල
  • algorithm නිර්මාණ කිරීම සදහා භාවිත කරන අවිධිමත් භාෂාව, ඉංග්‍රීසි භාෂාවට වඩාත් සමීප පරිගණකයකට එකවර ඇතුලත් කල නොහැකි භාෂාව pseudo code නම් වේ 
උදාහරණයක් විදිහට අපි බලමු ලකුණු 60 ට වැඩ ලබාගත් සිසුන් සමත් ලෙසත් අනෙක් සිසුන් අසමත් ලෙසත් ලබාගැනීමට program එකක් නිර්මාණය කරද්දි එකට අදාලව pseudo code එකක් ලියන ආකාරය 
Begin 
Input marks 
If mark is greater than or equal to 60
 Print “Passed” 
Else 
Print “Failed” 
End 

එකට අදාල c code එක තමා 

if ( mark >= 60 ) 
printf( "Passed" ); 
}
ඉදිරියේදී දිර්ගව අපි මේ pseudo code c programming වලදී භාවිත වන ආකාරය කතා කරනවා 

  • දැන් අපි කතාකරන්නේ flow charts ගැන 
flow chart කියන්නේ algorithm එකක් රූපමය ආකාරයෙන් විදිහ දැක්වීමක් ඒ සදහා අපි ඊට අදාලව symbols arrows rectangles circles diamonds භාවිත කරනවා 


සාමාන්‍ය algorithm සදහා flow chart 


දැන් අපි බලමු අංක දෙකක් එකතු කිරීම සදහා flow chart 

දැන් අපි බලමු තේරීමක් කිරීමට ඇති ගැටලුවකට flow chart 
සිසුවෙකු ලකුණු 60 ගෙන නම් සමත් වන අතර එසේ නොවේ නම් අසමත්ය 
හොදයි මන් හිතනවා ඔයාලට algorithn ගැන දැනුමක් ලැබෙන්න ඇති කියල ඔයාල ටිකක් මේවා ගෙදරදී පුරුදු වෙනවා ඇති කියල හිතනවා ඉතින් අපි හෙට තවත් පාඩමකින් මුණ ගැහෙමු