යාලුවනේ ඔයාලව  සාදරයෙන් පිලිගන්නවා අදත් අපේ E panthiya ට පොරොන්දූ උනා වගේ අද අපි අපේ පලවෙනි c program එක ලියනව 
  • computer එකෙන් code කරන අය devc වලිනුත් 
  • mobile එකෙන් code කරන අය mobile c අරන් ඇති කියල හිතනව 
 කියන්නම් ඕන වැදගත් කාරණයක් තමා coding කරන්න කලින් තව දැනගන්න ඕනි දේවල් ගොඩක් තියනව 

එහෙනම් මුලින්ම දැන් අපි අපේ පලවෙනි code එක ලියන්න dev c background එක හදාගන්න ඕන මුලින්ම dev c open කරගෙන 
මේ විදිහට 
file > new > source file නැත්නම් ලේසියෙන්ම ctrl +N 
ඊට පස්සේ මේ වගේ වගේ තම editor එක අපිට පෙන්නේ 
coding කරන්න ගන්න කලින් අපි මේක svae කරගෙන ඉමු 
file > save as ගිහින් කැමති location එකක් දීල save කරන්න හැබැයි මතක් කරලා කැමති නමක් දීල .c extension save කාරන්න 
අපි දැන් පලවෙනි ප්‍රෝග්‍රෑම්  1 ලියමු 
මේ program එකෙන් වෙන්නේ print කරන එක විතරයි 
මුලින්ම අපි ආකෘතිය අදුනගමු 


මතක තියාගන්න <stdio.h> මිසක් studio නෙවෙයි මටත් පැටලිලා තියෙනව හොදට කල්පනාවෙන් coding කරන්න නැත්නම් error එනවා 
int main () කියන්නේ function එකක් අපි code කරන්නේ මේ function ඇතුලේ අපි ඉස්සරහට මේ දේවල් ගොඩක් කතාකරනවා ගොඩක් හිතන්න එපා function එහෙකට අදාල code එකක් අපි ලියන්නේ සඟල වරහන් {....} ඇතුලේ මේවා අමතක කරන්න එපා 

coding කරන්න පටන්ගන්න හැමෝම තමන්ගේ පලවෙනි code එක හැටියට ලියන්නේ Hello world ඉතින් අපිත් ලියමු 


දැන් අපිට print කරන්න ඕන hello world ඉතින් අපිට මොනම හරි දෙයක් print කරගන්න ඕන නම් අපි එක ලියන්න ඕන printf කියන function  එක ඇතුලේ අපි කලින් කතා කතල්කලානේ මේ භාෂාව ගොඩක් ඉංග්‍රීසි භාෂාවට කිට්ටුයි කියල ඔයාලට එක දැන් තේරෙනවා ඇති print කියන්නේ කෙරෙන්න ඕන දේ  f අකුරින් කියන්නේ function කියල 

printf ඇතුලේ දෙයක් ලියන්න නම් අපි එක ලියන්න ඕන වරහන් දල ඒ ඇතුලෙන් double quota දල ඒ ඇතුලේ "...." ඒ වගේම අපි  මතක ඇතුව වරහනට පිටිපස්සෙන් ඒ කියන්නේ function එක ඉවරවෙන තැන ; semicolon දාන්නම ඕන නැත්නම් error එනව 
දැන් අපි දන්නවා මෙතන print වෙන්නේ hello world කියල අපි ""double quota ඇතුලේ ලියන හැමදෙයක්ම එය ඒ විධිහටම අපිට පෙනවනවා අපි space  එකක් තිබ්බොත් එකත් ඒ විදිහටම පෙන්වනවා 
අපිට අලුත් line එකකට යන්න ඕනනම් ඒ අදාල තැනින්  \n  කියල type කරන්න tab space එකක් ඕනිනම් /t කියල type කරන්න 
හොදයි මේ ලියපු code run කරන්නේ මෙන්න මෙතනින් 



compile and run (f 11) 

අපේ අන්තිමට print එක එන්නේ මේ වගේ 

මේක තම මන් ලියපු code එක 


එහෙනම් කට්ටිය මේ විදිහට code type කරලා බලන්න 
ඊලග පාඩමෙන් ඉක්මන්ටමු හම්බෙමු අපිත් එක්ක දිගටම රැදී ඉන්න ethical hacking lesson බලන්නත් අමතක කරන්න එපා